Author: Sanduni Dissanayake

හිතට නිදහසක්, චමත්කාරයක්,අස්වැසිල්ලක් දැනෙන යමක් කියවන්න, විදින්න, බෙදාගන්න ඔබ, මම,අපි සියල්ලෝ කැමති වෙමු. කවිය ද එවන් ජීවිතය පහසු කරවන ඔසුවකි. ඒ කවියක් කියවීමෙන් විදීමෙන් ලැබෙන යම් කිසි රසවත් බවක් නිසා විය හැකියි. ම්ත්‍රත්වය මත පදනම් වූ සමාජ සන්ධර්භය තුළ මෙකී රසය එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ කාරණයකි. එහි දී සතුටම නොව සංවේදනා සොයා යෑම සිදු වේ. එලෙස සාහිත්‍යය ලෝකයේ සංවේදනා සොයා යන සහෘද හදකට කවිය මනා පිටිවහලක් වේ. කවිය වනාහි භාෂාව සෞන්දර්යාත්මක රිද්මයකට ගොනු කරමින් රසභාව නොඅඩුව ලබා දෙන කලාංගයකි. හෘද ස්පන්දනයේ පටන් ලෝකයේ පවතින සියල්ල තුළ රිද්මයක් ගැබ්ව පවතී. එකී රිද්මය හදුනා ගන්නා කවියා තමා ජීවිතය තුළ අත්විදි අත්දැකීම්…

Read More

ජීවිතේ කියන්නෙ හරි අපූරු තැනක්. ඒ අපූරු ජීවිතේ අපි එකිනෙකා අවස්ථාවට අනුව වෙනස් වෙනවා. අඬනවා ,හිනාවෙනවා, සතුටු වෙනවා,දුක් වෙනවා, පුදුම වෙනවා. ඒ ජීවත් වෙන්න රඟපාන හැටි. ඉතින් මේ කතා බහ දිග හැරෙන්නෙ රඟපාමින් ජීවත් නොවී රංගනය ජීවිතේ කරගත්ත තරුණයෙක් එක්ක ! ආයුබෝවන්! ආයුබෝවන්! කතා බහ පටන් ගන්න ප්‍රථමයෙන් අපි ඔබව හඳුනාගමු? මම උදක හර්ෂ වික්‍රමනායක. ගම කුලියාපිටිය. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලැබුවා. දැනට කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අවසාන වසර අධ්‍යාපනය හදාරනවා. කොහොමද ඔබ වේදිකා නාට්‍ය රංගනයට යොමු වෙන්නෙ? ජීවිතේ අපි හැමෝටම තියෙනවනෙ මොකක් හරි එක හැරවුම් ලක්ෂයක් ඔයා යන්න ඕනි මෙන්න මේ පැත්තට…

Read More

අපි අද පොඩි, ඒත් ලස්සන දෙයක් ගැන කතා කරමු! හිනාව! ගොඩක් අයට මතක හිටින දෙයක් තමයි තව කෙනෙක්ගෙ හිනාව . අම්මෝ එයාගෙ හිනාව ! ඒ තමයි මම ආසම හිනාව! එකී ,මෙකී ,නොකී , කතා ගොඩයි . හැබැයි හිනාවක් කියන්නේ කෙනෙක්ට ඉනාවක් වෙනකොට තවත් කෙනෙක්ට වේදනාවක් ගේන දර්ශනයක් වෙන්නත් පුලුවන්. මොකද ආසාවෙන් තමන්ගෙ කරගන්න බලන් හිටිය හිනාවක් වෙන කෙනෙක්ගෙ උනාම එතන ඒ හිනාව ගේන්නෙම වේදනාවක්! කොහොම උනත් හිනාව ඇතුළෙ අපි නොදන්න අපි නොහිතන කතන්දර ගොඩක් තියෙනවා. ඔයාට, මට, එයාට වෙන වෙනම ගත්තම තියෙන හිනාව එකිනෙකට වෙනස්! ඒ වෙනස මත තමයි ලෝකයේ ගොඩක් කතන්දර නිර්මාණය වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට එක එක විදිහට හිනා…

Read More

“ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයි” නන්දා මාලිනියගේ මියුරු හඬින් ගැයෙන මෙම ගීය සමඟ බොහෝ සහෘද හදවත් උත්තරීතර ප්‍රේමයක් අස්පර්ශිකවම ස්පර්ශ කරන්නට ඇත. සැබවින් ම ප්‍රේමය පාරිශුද්ධ ද? සුරම්‍යද? රාගයෙන් තොර ද? මේ විවරණය නිවරැදි ද? ප්‍රේමයේ හැඩය මේ මේ යැයි කිව හැකි ද? සැබැවින් ම ප්‍රේමය නම් කුමක් ද? මේ සියලු පැන අභියස හැමවිටම කවියට,කවියන්ට ආනුභූති සපයන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පිළිබඳ කවි තුළින් කියවීමකට හොඳ ම කාලය මේ යැයි සිතමි. ප්‍රේමය කියන්නේ ම නිර්වචන විරහිත ආඛ්‍යානයක්! සැබවින් ම ස්ත්‍රී පුරුෂ ප්‍රේමය චිත්තවේගාත්මකවූත් භාවාත්මකවූත් අන්තර් පුද්ගල සබඳතාවකි. එය බොහෝ විට එක් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයකු වෙත…

Read More