Author: Sanoja Ranhottibandara

Online යනු වර්තමානයේ ලොකු, කුඩා සැම දෙනාගේම මුව තුළ නිරතුරු රැව් පිළිරැව් දෙන වදනකි. මෙකී online සූත්තරය මුළු ලොවම ඇසිල්ලකින් එක පිඩකට නතු කර ගැනීමට හැකි නව පිම්මක් වශයෙන් හදුනාගත හැකිය. මෙ’Online’ය කෙතරම් දුරකට ප්‍රබල වන්නේද යන්න කිවහොත් වර්තමාන ‘Online’මිනිසාගේ ජීවන චක්‍රය පවා තීරණය කරනු ලබන්නේ මෙම online තාක්ෂණය යි. පරිගණකය, ජංගම දුරකථනය යන උපකරණ සමාජගත වීමත් සමග මෙම තාක්ෂණය ඉතාමත් සරල මෙන්ම වැඩ පහසු කරන තත්ත්වයට පත් වී හමාරය. සත්‍ය වශයෙන්ම වර්තමානයේ පවත්නා අන්තර්ජාලය සමග මුසු වූ තාක්ෂණය හේතුවෙන් මිනිසා ඉතාමත් දීර්ඝ ගමනකට අත්තිවාරම් දමා තිබේ. මෙය එක් ක්ෂේත්‍රයකට පමණක් නොව පුළුල් පරාසයක් පුරා විහිදී පැතිරී ඇති තත්ත්වයකි. මිනිසා…

Read More

වර්තමාන ලෝකය විවිධ අංශයන්ගේ දියුණුවත් සමග ඉතාමත් සීඝ්‍රගාමී ගමන් මාර්ගයක ඉදිරියට ගමන් කරමින් සිටී. මෙම ගමන් මගෙහි මිනිසාට විවිධ තාඩන පීඩන වලට, ගැරහුම් වලට, අපහසුතාවන්ට ලක් වීමට නිතැතින්ම සිදු වේ. මන්ද යත් බුදුන් වහන්සේ දේශනා කළ පරිදි අටලෝ දහමට මේ මුලු මහත් ලෝකයම යටත් වන බැවිනි. 21වන ශතවර්ෂයේ මිනිසුන් ඉතාමත් තරගකාරී, කාර්‍යබහුල දිවි පෙවෙතකට හිමිකම් කියන්නේද අනෙකා පරයමින් තමා ඉහලට යා යුතු බව පිළිබඳ ඇති කර ගන්නා ලද හීනමානික අදහස් හා මතිමතාන්තර නිසාම මුදල මත සියලු දේ විසදෙන , මුදල මත සියලු තීරණය කරනු ලබන සමාජ වටපිටාවක් බිහි වී තිබීම එක් අතකට අරුමයක්ද නොවේ. මෙම ක්‍රමය යටතේ බිහි වී ඇති…

Read More

ලෝකයේ ඕනෑම රටකට එම රටටම ආවේණික වූ සාහිත්‍ය කලාවක් පවතී. ඒ අතරේ දකුණු ආසියාතික රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ආවේණික වූ සංස්කෘතියක්, කලාවක්, සාහිත්‍යයක් පවතී. එය ඉතාමත් ඈත ඉතිහාසයක් දක්වා විහිදී යන්නකි. එය ජනශ්‍රැතිය වශයෙන් හදුනා ගත හැකිය. ජනශ්‍රැතියට අනුව ජනකවි, ජනප්‍රවාද, ජනකතා ආදිය එකට එක්කොට කියවී සහ ලිය වී ඇති කලාව ජන සාහිත්‍ය ලෙස නම් කළ හැකිය. ඒ අතර ජනකවි යනු ඉතාමත් උසස් මෙන්ම සුවිශේෂී ජන කලාවකි. ජනකවි යනු ආරම්භය කෙසේ සිදු වී දැයි වූද, මුඛ පරම්පරාගත ව පැවත එන්නා වූද, ඒක කතෘක නොවූද නොවියත් හුදී ජනයා විසින් රචනා කරන ලද්දා වූද, කවි වේ. ව්‍යවහාරයේ පැවති ඇතැම් ජනකවි රචනා කර්…

Read More

සංවර්ධනය යන සංකල්පය ගත් කල්හි එය කාලීන වශයෙන් වෙනස්වීමට ලක් වන්නා වූ ගතික සංකල්පයකි. 20 වන සියවසේ මැද භාගය වන විට රටක පවතින ආර්ථිකයේ දියුණුව සංවර්ධනය වශයෙන් හදුනා ගන්නා ලදි. නමුත් පසුකාලීනව මෙය විවිධ පැතිකඩයන් ඔස්සේ විහිදී ගිය සංකල්පයක් බවට පත් විය. 20 වන සියවස අග භාගය වන විට සංවර්ධනය යනු හුදෙක් භෙඋතික හෝ ආර්ථික තක්සේරුවක් පමණක් නොවූ අතර මානුෂ සංවර්ධනයට අව්ශ්‍ය සංරචකයන්ද ඊට ඇතුළත් විය. ඒ අනුව ළදරු මරණ, මාතෘ මරණ අනුපාතිකය, සාක්ෂරතාව, උපතේදී ආයු අපේක්ෂාව, භාණ්ඩ හා සේවා මිළ දී ගැනීමේ අවස්ථාව, අධ්‍යාපන අවස්ථා පුළුල් වීම… යනාදී කරුණු බොහෝමයක් පිළිබඳ අවධානය යොමු කරනු ලබයි.        …

Read More

ආසියානු කලාපයේ රටවල් අතර ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික ක්‍රියාවලිය දෙස අවධානය යොමු කිරීමේදී එය හුදෙක්ම ආගමානුකූල වපසරියක් මත ගොඩ නැගුණු ලද්දකි. එම වපසරිය යටතේ සිංහල ආර්‍ය ජනයාගේ ආරම්භය සහ විකාශනය මෙන්ම ජීවන පැවැත්ම පිළිබඳ අවධානය යොමු කිරීමේදී කෘෂිකාර්මික ජීවන රටාවකට හිමිකම් කියන ලද ජනතාවක් මෙරට වාසය කළ බවට සාක්ෂි ඕනෑ තරම් හමු වෙයි. ඒ අනුව බලන කල්හි ඉතාමත් දියුණු වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කියූ ඔවුන් බත බුලතින් සරු, අටුකොටු වලින් සපිරිණු ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියූ බව නොරහසකි. එම ශක්තිමත් ආර්ථිකය ගොඩනැංවීම එකල ජනයාටද ලේසි පහසු කාර්‍යයක් නොවීය. දහදිය වගුරවමින්, එම දහදියෙන් භූමිය තෙත් කරවමින් තම අස්වනු සරි කර…

Read More

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් යැයි පවසන විට එය අප හට අලුතින් කතාබහට ලක් කළ යුතු මාතෘකාවක් නොවේ. මන්ද යත් සියල්ලන්ටම ආදීවාසීන් යැයි පැවසූ සැණින් ඔවුන් පිළිබඳ යම් සිතුවමක් මනසෙහි ගොඩනැගෙයි. ඒ ඔවුන්ගේ මතුපිට දර්ශනයන් පිළිබඳ අවබෝධයක් අප තුළ පවත්නා බැවිනි. නමුත් මෙම ආදිවාසී ජනයාගේ සම්භවය, විශ්වාස, ඇදහිලි, වර්ග කිරීම්, පවුල් ජීවිතය ගෙවන ආකාරය යනාදිය සම්බන්ධයෙන් අප හට පවතින්නේ ඉතාමත් අඩු අවබෝධයකි. ඔවුන්ගේ ජීවිත කතා තුළ අප නොදන්නා කරුණු බොහෝමයක් අන්තර්ගත වී ඇති බව ඔවුන් පිළිබඳ සිදු කරන අධ්‍යයන වලින් තහවුරු වෙයි. එම නොදන්නා කරුණු වලින් බිදක් මෙසේ සටහන් කර තබන්නට මා සිතුවෙමි. ආදීවාසීන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී බොහෝ දෙනාට සේම මා හටද…

Read More

                සාහිත්‍ය කලාව පිළිබඳ අධ්‍යයනය කිරීමේදී විවිධ සාහිත්‍ය වර්ගීකරණයන් අපට දැක ගැනීමට හැකි වෙයි. ඒ අතරින් ලාංකේය ශාන්තිකර්ම සාහිත්‍ය වූ කලී බොහෝ ඈත ඉතිහාසයක් දක්වා විහිදී යන්නකි. ඈත අතීතයේ සිටම මිනිසා ශාන්තිකර්ම කෙරෙහි දැඩි ඇල්මක් සහ කුළුපග බවක් දක්වා තිබේ. ඒ අනුව දේශීය ඕනෑම ශාන්තිකර්මයක් බිහි වීමට මූල බීජය බවට පත් වී ඇත්තේ පොදු හෝ තනි වශයෙන් එකිනෙකාට ඇති වන්නා වූ පුද්ගලික හෝ සමාජ අවශ්‍යතාවයකි. ඒ අනුව ශාන්තිකර්මයක් යනු, ශාන්තියක් උදෙසා කරනු ලබන කර්මයයි. ක්‍රියාවයි. ශාන්තිකර්මයක් සිදු කරනු ලබන්නේ සියලු සත්ත්වයින් කෙරෙහි පැමිණිය හැකි රෝග, උපද්‍රව, අතුරු අන්තරා දෝෂ දෝෂාන්තර දුරු කර ගනිමින්…

Read More

මානවයා ඈත අතීතයේ සිටම මිනිසෙකු වශයෙන් තම ජීවිකාව ආරම්භ කරන ලද සමයේ සිටම පරිසරය සමග අන්‍යෝන්‍ය සහ සමිබන්ධතාවක් පවත්වාගෙන ඇති බවට ඉතිහාසය පිරික්සා බැලීමෙි දී බොහෝ සාක්ෂි හමු වෙයි. පරිසරයේ ඇති ගහ, කොළ, සතා, සිවුපාවා සමග බැදීමකින් තොරව මිනිසාට පැවැත්මක් නොමැති බව බොහෝ දෙනාගේ මතයයි. අතීතයේ සිටම ගස්, ගල්, පර්වත වලට වන්දනාමාන කරමින් සූර්යයා චන්ද්‍රයා නමස්කාර කරමින් ඇළ දොළ ගංගා වලට පුද පූජා පවත්වමින් තමාගේ සමෘද්ධිය සංවර්ධනය උදෙසා පරිසරය සමග ඇගෑලුමි කමි පාන ලදි. ඒ් තුළින් මිනිසා පරිසරයටත්, පරිසරය මිනිසාටත් ආදී වශයෙන් කෘතගුණ සලකමින් ඒම සමිබන්ධතාව පවත්වාගෙන පැමිණ තිබෙි. ශ්‍රි ලංකාව නමැති රමණීය දූපත පරිසරයේ ස්වභාව සුන්දරත්වය අතින් ඉතාමත් ඉහළ…

Read More

“මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට පෙළක් ළමුන් සුවද ගොඩයි පෙළක් ළමුන් හරිම හැඩයි” ලෝකය සුවදවත් කරන්නේ මල්‍ ය. ලෝකය සුන්දර කර්න්නේත් වර්ණවත් කරන්නේත් මල්‍ ය. ලෝකයේ කිනම් හෝ රටක කිනම් හෝ දේශයක වේවා ළමුන් සම කරන්නේ මල් වලටය. ලොව විවිධ මල් වලට විවිධ වෙනස්කම් විවිධ කුල තිබුනද ළමුන් නම් එසේ වෙනස් කොට නොසැලකිය යුතු කොටසකි. ලෝකයේ ළමුන් වෙනුවෙන් විවිධ අංශ වෙන් කොට තිබේ. ලෝකයේ වෙසෙන ළමයින් මොහොතකට පසෙක තබා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටක ළමයින් පිළිබඳ මදක් අවධානය යොමු කොට බලන්නේ නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට බදුන් කල යුතු කරුණු බොහෝය. ළමයා යන්නෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ…

Read More

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තිස් වසරක පැවති යුධ සමයේ සිටම විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙමින් පැවති පළාතකි.අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරංගල ග්‍රාමය යනු විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙමින් තම ජීවිකාව සරි කර ගන්නා ගැමියන් වෙසෙන ගමකි. මෙම ගම තුළ මේ වන විට පවුල් 250ක් පමණ ජීවත් වෙති. මෙම ග්‍රාමයේ පවතින ගැටලු පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ප්‍රමුඛතම ගැටලුව බවට පත් වී තිබෙන්නේ පානීය ජලය පිළිබඳ ගැටලුවයි.               මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ජලය ඉහළින්ම පවතී. මිනිසාට ආහාර නොමැතිව දිනක හෝ ජීවත් විය හැකි වුවත් ජලය නොමැතිව දිනක් හෝ ජීවත් වීමට නොහැකිය. මෙවන් තත්ත්වයක් මත මරංගල…

Read More